චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වන්ග්යී මහතා හා බ්‍රසීල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා අතර හමුවක්
2024-05-24 09:48:28
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වන්ග් යී මහතා බ්‍රසීල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Celso Amorim මහතා බෙයිජිං  නුවරදී  හමුවෙයි.චීනය හා බ්‍රසීලය ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙකක් සහ වර්ධනය  නැගී එන ආර්ථිකයන් බව වන්ග් යී මහතා එහිදී සඳහන් කළේය. බ්‍රික්ස් සංවිධානයේ  ප්‍රධාන සාමාජික රටවල් වශයෙන් ද්වීපාර්ශ්වික සබඳතාවන් ගෙන් තවත් ඔබ්බට යමින් උපායමාර්ගික හා සුවිශේෂී මට්ටමක් දක්වා එම සබඳතා වර්ධනය වී ඇතැයි හෙතෙම පැවසීය.

 චීන බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වෙනි  වසර මෙම වසරට යෙදී ඇති බව සිහිපත් කළ වන්ග් යී මහතා ගෙවුණු වසර 50 පුරා  ද්වීපාර්ශ්වික සබඳතාවන්හී ලද වඩාත් සාර්ථක අත්දැකීම් දෙපාර්ශ්වය විසින්  ක්‍රමික සමාලෝචනයන් සිදු කළ යුතු බව පැවසීය. ජාත්‍යන්තර තත්ත්වයෙහි වෙනස්කම් සහ රටවල් දෙකේ  අදාළ සංවර්ධන උපාය මාර්ග සැලකිල්ලට ගනිමින් මීළඟ "රන් අවුරුදු 50" ඒකාබද්ධව භුක්ති විඳීමට,  උපායමාර්ගික සැලසුම් සකස් කළ යුතු බවද වන්ග් යී මහතා කීය.

මෙම වසරේ ජී20 වාරික සභාපතිත්වයේ කාර්යයන් වෙනුවෙන් චීනය බ්‍රසීලයට පූර්ණ ලෙස සහාය වන බවද හෙතෙම පැවසීය.එහිදී අදහස් දැක්වූ බ්‍රසීල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Celso Amorim මහතා ‍බ්‍රසීල චීන සබඳතා දෙරටට ප්‍රතිලාභ ගෙන දෙනවා පමණක් නොව සංවර්ධිත රටවල පොදු අභිලාෂයන් සුරක්ෂිත කිරීමට මෙන්ම ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද සඳහන් කළේය. චීනය සමග සබඳතාවන්ට බ්‍රසීලය ඉහළ වැදගත්කමක් දක්වන බවද හෙතෙම පැවසීය .චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා වර්ධනයට බ්‍රසීලය චීනය සමග සමීප ලෙස සංනිවේදනයන් පැවැත්වීමට සූදානම් බවද බ්‍රසීල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා එම හමුවේදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම