කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට ආණ්ඩුවෙන් ණය සහන පැකේජයක්
2024-05-24 14:32:52
Share with:

ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගතව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන් යළි නඟා සිටුවීමට රුපියල් කෝටි 500ක ණය සහන පැකේජයක් ලබා දීමට රජය සැලසුම් කරයි.

ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතනවලට රුපියල් ලක්ෂ පනහට නොවැඩි මුදලක් ගෙවිය යුතු ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් දහසක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියන පහ බැගින් ණය සහන ලබා දීමට නියමිතය.

මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් හිමි වන අතර  ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ එය ආපසු ගෙවීමට හැකිවන ලෙස සහන සලසා දී තිබේ.

මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර සඳහා වූ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් බිඳ වැටුණු ව්‍යාපාර යළි නැංවීමට රුපියල් කෝටි 2000ක මුදලක් වෙන් කළේය.

මෙම ණය සහනය ලබා ගැනීම සඳහා සුදුස්සන් ඉල්ලුම්පත් කැඳවා ස්වාධීන විද්වත් කමිටුවක් මඟින් තෝරා ගැනීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම