චීනයේ සමෘද්ධිය ගෝලීය සමෘද්ධිය සඳහා වැදගත් අවස්ථාවක්
2024-05-24 18:59:18
Share with:

චීන ආර්ථික වර්ධනය ලෝක ආර්ථික වර්ධනය සඳහා වන ප්‍රබල ගාමක බලවේගයක් වන අතර චීනයේ සමෘද්ධිය ගෝලීය සමෘද්ධිය සඳහා වැදගත් අවස්ථාවක් වේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයක් මේ වසරේ චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය ඉහළ නැංවීම පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (24) මේ බව පැවසීය.

මෑතකදී, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව "2024 වසරේ මැද භාගයේ ලෝක ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම" යන වාර්තාව නිකුත් කළේය. 2024 වසරේදී චීනයේ ආර්ථික වර්ධන වේගය 4.8% ක් වනු ඇති බවට වාර්තාව පුරෝකථනය කරයි. එය මේ වසරේ ජනවාරි මාසයේ පුරෝකථනය කළ ප්‍රතිශත අගයට වඩා ප්‍රතිශත ලක්ෂ්‍ය 0.1 ක වර්ධනයකි.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Wang Wenbin මහතා පැවසුවේ චීනයේ ආර්ථිකය මේ වසරේ හොඳ ආරම්භයක් ලබා ඇති බවත්, ආර්ථික ක්‍රියාකාරීත්වයේ ධනාත්මක සාධක අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත්ය. චීනයට සිය වාර්ෂික වර්ධන ඉලක්කය සපුරා ගත හැකි බවට විශ්වාසයක් ඇති බව ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම