2024 බලවත් සංස්කෘතික රටක් ගොඩනැගීම පිළිබඳ මුදුන් සංසදය Shenzhen හිදී
2024-05-24 11:15:22
Share with:

2024 බලවත් සංස්කෘතික රටක් ගොඩනැගීම පිළිබඳ මුදුන් සංසදය ඊයේ(23) චීන Guangdong පළාතේ Shenzhen නගරයේ දී පැවැත්විණ. "චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සහ නව සංස්කෘතික මෙහෙවර"  යන්න එහි තේමාව විය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රමූඛත්වයෙන් මෙම සංසදය පැවැත්වෙන අතර, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා එහිදී විශේෂ දේශනයක්  කළේ ය.

නව යුගයේ සහ නව ගමනේ දෘෂ්ටිවාදී සහ සංස්කෘතික ප්‍රචාරක කටයුතු සඳහා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික සිතුවිලි ප්‍රබල දෘෂ්ටිවාදී අවියක් සහ විද්‍යාත්මක ක්‍රියාකාරී මාර්ගෝපදේශයක් බව, සංසදයට සහභාගීවූවන්ගේ අදහස විය.

ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික සිතුවිලි ගැඹුරින් අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීමෙන්, බලවත් සංස්කෘතික රටක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු ය. සංස්කෘතික විශ්වාසය වර්ධනය කරමින් සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම ශක්තිමත්  කළ යුතු ය. සංස්කෘතික ආයතන සහ යාන්ත්‍රණ ප්‍රතිසංස්කරණය ගැඹුරු කළ යුතු බවද එහිදී සඳහන් කෙරිණ. එසේම ශිෂ්ටාචාර අතර සම්මුතිය වඩා හොඳින් ගොඩනැගීම සඳහා, ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ගැඹුරු කරමින්, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම් ක්‍රියාත්මක කළ යුතු බව, සංසදයට එක්වූ ආරාධිතයෝ සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම