ථේරවාද බුදු දහමේ නියම හරය ගැටලු රැසකට විසඳුම් ලබා දෙයි-ජනපති
2024-05-24 14:34:17
Share with:

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතමිනි.

නව තාක්ෂණය සමග ශත වර්ෂ ගණනාවක පටන් පැවති අපගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතී. තාරකා ලෝකය පිළිබද ඇති නව දැනුම මෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මඟින් ලැබෙන දැනුම දියුණුවීමත් සමග තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදුව ඇත. ථේරවාද බුදු දහම තුළින් මෙම ගැටලුවලට විසඳුම් සෙවිය හැකි අතර ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගැනීමට අප අවධානය යොමු කළයුතු බව ද ජනාධිපතිවරයා පැවසිය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම