සිය Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවේ දී චීන පන්නයේ නවීකරණය තවදුරටත් තහවුරු කිරීමේ අවශ්‍යතා චීන ජනපති අවධාරණය කරයි
2024-05-24 20:08:38
Share with:

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතා Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි. එහිදී ඔහු අවධාරණය කළේ Shandong පළාත නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීමෙන් හරිත, අඩු කාබන් සහ උසස් තත්ත්වයේ සංවර්ධන පුරෝගාමී ප්‍රදේශයක් ඉදිකිරීම තහවුරු කළ යුතු බවයි. එමෙන්ම ඉහළ මට්ටමේ විවෘතභාවයක් නිර්මාණය කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

22වැනිදා පස්වරුවේ ෂී ජින් පිං මහතා Rizhao වරායට පැමිණියේ නිරීක්ෂණ කටයුතු සඳහාය. එහිදී ඔහු වරායේ විද්‍යා හා තාක්ෂණ සේවකයින්ගේ සහ මෙහෙයුම් පුද්ගලයින්ගේ දුක සැප විමසා බැලීය.

පසුව හෙතෙම Rizhao නගරයේ Yangguang Hai’an හෙවත් ‘සූර්ය රශ්මි’ පරිසර හිතකාමී මාර්ගය නිරීක්ෂණය කිරීමට එක් විය. පරිසර හිතකාමී මාර්ග ඉදිකිරීම ජනතාවාදී කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය. චීන පන්නයේ නවීකරණය ප්‍රවර්ධනය කරනුයේ ජන ජීවිතය යහපත් කිරීම සඳහා බව ඔහු එහිදී පැවසීය.

23වැනිදා පෙරවරුවේ ෂී ජින් පිං මහතා Jinan නගරයේදී හමුදාවේ කර්නල් නිලයට ඉහළ කාර්ය මණ්ඩලය හමු විය. චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන මධ්‍යම හමුදා කමිටුව වෙනුවෙන් ඔහු එහි හමුදා නිලධාරීන් සහ සෙබළුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

24වැනිදා පෙරවරුවේ ෂී ජින් පිං මහතා Jinan නගරයේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ Shandong පළාත් කමිටුවේ සහ පළාත් රජයේ කාර්ය වාර්තාවට සවන් දුන්නේය. එහිදී ඔහු Shandong පළාතේ විවිධ කාර්යයන්හි ජයග්‍රහණ පිළිබඳව ඉහළ අගැයීමට ලක් කර ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම