ආර්ථිකයට අතිශය වැදගත් කෙටුම්පත් දෙකක්
2024-05-23 15:37:52
Share with:

යළි ආර්ථිකය බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යෑම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත”   ඊයේ ( 22) පාර්ලිමේන්තුවට  ඉදිරිපත්  කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ලංකාවේ නව ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම, තරගකාරීත්වය තුළ ආයෝජන ආකර්ෂණය කර ගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීම, ආයෝජකයන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම පුළුල් කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවීම, අපනයනය සම්බන්ධයෙන් වූ අදාළ ආයතන පිහිටුවීම මෙම පනත් කෙටුම්පත හරහා සිදු කිරීමට අපේක්ෂිතය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාද ඉදිරි දිනවල දී පැවැත්වේ..

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම