චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත ආශ්‍රිත යුද අභ්‍යාසයක
2024-05-23 09:00:15
Share with:

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකාය තායිවාන දූපත අවට ප්‍රදේශයේ යුද අභ්‍යාසයක් දියත් කරයි.

අද (23) පෙරවරු‍ 7:45 ට තායිවාන දූපතේ උතුරු, දකුණු, නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම, Kinmen, Matsu, Wuqiu සහ Dongyin යන දූපත් ආශ්‍රිත ප්‍රදේශවල එම ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදු කෙරිණ.

23,24 දෙදින තම බලකායේ පාබල, නාවික, ගුවන් හා රොකට් හමුදා තායිවාන දූපත අවට ප්‍රදේශවල මෙම අභ්‍යාසය පවත්වන බව නැගෙනහිර බලකා ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කර්නල් ලී ශී මහතා ප්‍රකාශ කර ඇත. ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ යුද හැකියාව පරීක්ෂා කිරීම සඳහා, නාවික හා ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් සූදානම, යුදබිමේ පාලන බලය අත්පත් කිරීමේ හැකියාව, නියමිත ඉලක්ක කෙරේ නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ අභ්‍යාස මෙහිදී පුහුණු කෙරෙනු ඇත. යුද ගුවන්යානා සහ යුද නෞකා තායිවාන දූපත ආසන්නයේ සිට මුර සංචාරයන් හි ද නිරත වීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය තායිවාන බෙදුම්වාදීන්ගේ අන්තවාදී ක්‍රියාවලට දඬුවමක් මෙන්ම බාහිර බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට එරෙහි බරපතල අනතුරු ඇඟවීමක් ද වේ.   

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම