අසීරු මොහොතේ එකමුතුව රට ගොඩනැඟීමට එක් විය යුතු බව ජනපති පවසයි
2024-05-23 15:38:46
Share with:

වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය අප සැවොම මේ අසීරූ මොහොතේ රටක් ලෙස ඇති කරගත යුතු බවය.

ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට සැවොම පෙළ ගැසිය යුතු බව ඔහු සඳහන් කර ඇත.

සියල්ලන්ටම සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහිකළ යුතු දෙයක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාවක් වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි “මිනිසකු” නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරන බව ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම