චීනයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් ලෙස ගැඹුරු කළ යුතුයි-චීන ජනපති
2024-05-23 19:02:31
Share with:

චීනයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් ලෙස ගැඹුරු කළ  යුතු බව චීන ජනපති අවධාරණය කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(23) Shandong පළාතේ නිරීක්ෂක චාරිකාවක නිරත වීම අතරතුර එහි ව්‍යවසායන් හා විශේෂඥයින් සමඟ සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවසීය.

චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම යන තේමාවට සමීපව අනුගත වෙමින් ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් ලෙස ගැඹුරු කළ යුතු බව හෙතෙම එහිදී කියා සිටියේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නි‍යෝජිත සම්මේලනය නවීන සමාජවාදී රටක් පුළුල් ලෙස ගොඩනැඟීමට දැවැන්ත සැලැස්මක් සකස් කොට, ශක්තිමත් රටක් බිහිකිරීම උදෙසා සංවර්ධනය සහ ජාතික පුනර්ජීවනය චීන මාදිලියේ නවීකරණය තුළින් ප්‍රවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණ ස්ථාපිත කර ඇතැයි ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන කාර්යයන් වැදගත් කොට සලකා නිවැරදි, සදාචාරාත්මක දිශානතිය තදින් ග්‍රහණය කර ගනිමින් අදාළ ක්‍රම හා මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම