චීන මාධ්‍ය සමූහයේ “2024 චීන AI රජදැක්ම”නමැති වැඩසටහන එළිදැක්වේ
2024-05-23 10:04:38
Share with:

චීන මාධ්‍ය සමූහයේ “2024 චීන AI රජදැක්ම” නමැති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන හා එහි අරමුණු හඳුන්වාදීමේ උත්සවයක් දකුණු චීනයේ Shenzhen නගරයේ දී ඊයේ (22) පැවැත්විණ. එය, චීන මාධ්‍ය සමූහය, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සයිබර් ආරක්ෂණ කටයුතු පිළිබඳ කොමිසමේ කාර්යාලය සහ Guangdong පළාත විසින් ඒකාබද්ධව සංවිධානය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සයිබර් ආරක්ෂණ කටයුතු පිළිබඳ කොමිසමේ කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Niu Yibing සහ Shenzhen නගරාධිපති Qin Weizhong  යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

“චීන මාධ්‍ය සමූහයේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන ධවල පත්‍රිකාව” එහිදී නිකුත් කෙරිණ. “ සක්‍රිය ගවේෂණ හා ප්‍රයෝජන පුළුල් කිරීම”, “නීත්‍යනුකූල භාවිතය හා සුරක්ෂිතභාවය සහතික කිරීම”, “විද්‍යා හා තාක්ෂණය ප්‍රමුඛ ගුණාත්මකභාවය හා ඵලදායීතාව ඉහළ නැංවීම”, මෙන්ම “විවෘතභාවය සහ සහයෝගිතා මත පොදු ජයග්‍රහණ ලබාගැනීම” යන සිව්මූලධර්ම එහිදී චීන මාධ්‍ය සමූහය විසින් පැහැදිලිව විග්‍රහ කර ඇත. එසේම, විවිධ වැඩසටහන් නිෂ්පාදනයට හා විකාශයට ශක්තිය ලබාදීම, මාධ්‍ය නවෝත්පාදනයන්ට උපදෙස් දීම සහ මාධ්‍ය පරිසරය ප්‍රතිව්‍යුහගත කිරීම යන ක්ෂේත්‍ර තුන කෘත්‍රිම බුද්ධියෙන් විද්‍යානුකූලව පරිපාලනය කිරීමට ද පියවර ගැනේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ විධිමත් හා නිසි සංවර්ධනය සහතික කිරීම සඳහා උපදේශන රාමු සහ ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේද හඳුන්වාදීම එහි ප්‍රධාන අරමුණයි. 

“2024 චීන AI රජදැක්ම” වැඩසටහන ජූනි මාසයේ චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනී හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම