Lai Ching-teගේ අවිචාරවත් හැසිරීමට දැඩි දඬුවම් හිමි වනු ඇත‍
2024-05-23 11:44:40
Share with:

23,24 දෙදින චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකායේ පාබල, නාවික, ගුවන් හා රොකට් හමුදා තායිවාන දූපත අවට ප්‍රදේශයේ ‘ඒකාබද්ධ අසිපත 2024A’ නමැති යුද අභ්‍යාසය දියත් කරයි.

ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ යුද හැකියාව පරීක්ෂා කිරීම සඳහා, නාවික හා ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් සූදානම, යුදබිමේ පාලන බලය අත්පත් කිරීමේ හැකියාව, නියමිත ඉලක්ක කෙරෙහි නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ අභ්‍යාස මෙහිදී පුහුණු කෙරෙනු ඇත. යුද ගුවන්යානා සහ යුද නෞකා තායිවාන දූපත ආසන්නයේ සිට මුර සංචාරයන් හි ද නිරත වීමට නියමිතය. 

මෙම යුද අභ්‍යාසය රටේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමේ යුක්තිසහගත ක්‍රියාවක් වන අතර, තායිවාන බෙදුම්වාදීන්ගේ අන්තවාදී ක්‍රියාවලට දඬුවමක් මෙන්ම බාහිර බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට එරෙහි බරපතල අනතුරු ඇඟවීමක් ද වේ.    

"තායිවාන බෙදුම්වාදය වෙනුවෙන් සේවය කරන්නෙකු" ලෙස තමා හඳුන්වා දෙන Lai Ching-te, පසුගිය 20වනදා සිදු කළ දේශනය, බෙදුම්වාදියෙකුගේ ස්වයං පැහැදිලි කිරීමකි. ඔහුගේ ප්‍රකාශ, එකම චීනය මූලධර්මය දැඩි ලෙස උල්ලංඝනය කළ අතර තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වයට එය දැඩි ලෙස හානිකර වේ. චීන මහ ගොඩබිම ඊට ප්‍රතිචාර දැක්වීම, යුක්තිසහගත, නීත්‍යනුකූල මෙන්ම අනිවාර්යය ක්‍රියාවකි.

Lai Ching-te, තායිවාන බෙදුම්වාදීන්ගේ ‘ආදරණීයම මුණුපුරා’ බවත් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර ගැටුම් ඇති කිරීමේ විශාලතම සැඟවුණු අනතුරුදායක සාධකය ඔහු බවත් තායිවාන ප්‍රදේශයේ මාධ්‍ය පෙන්වා දී තිබේ. චීන මහජන හමුදාව මෙහෙයවූ යුද අභ්‍යාසය Lai Ching-te වැනි පුද්ගලයින්ගේ ප්‍රකෝපකාරී හැසිරීම්වලට දැඩි දඬුවමක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය, ස්ථාවරත්වය මෙන් තායිවාන ස්ව‍දේශකයින්ගේ සුබසෙත ස්ථිර ව ආරක්ෂා කිරීමකි.

බෙදුම්වාදී ක්‍රියා වහාම නතර කරන ලෙස චීන මහ ගොඩබිම, තායිවාන ප්‍රදේශයේ ක්‍රියා කරන ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය’ සහ ඊට සහාය වන බාහිර බලවේගයන්ගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කර ඇත. ඔවුන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට, ඊට සමාන මට්ටමේ ප්‍රතිචාරයන්ට ද මුහුණ පෑමට සිදු වනු ඇත.  රටේ ස්වාධිපත්‍යය, ‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාවගේ අධිෂ්ඨානය, දැඩි අභිලාෂය හා ශක්‍යතාව කිසිවිටක අවතක්සේරු නොකරන ලෙස ද ඉල්ලීමක් කර ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම