චීන හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල කාර්මික හා ආයෝජන සහයෝගිතා සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-23 11:12:46
Share with:

චීන හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල කාර්මික හා ආයෝජන සහයෝගිතා සංසදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් ලිපියක් යොමු කරයි.

එම සංසදය අද (23) අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාතේ ශියා මෙන් නගරයේදී ආරම්භ විය. චීනය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් අතර පවත්නා මිත්‍රත්වයට වසර දහසකට වැඩි දිගු ඉතිහාසයක් ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් ලිපියෙන් සඳහන් කරයි. 2022 වසරේ චීන හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල පළමු නායක සමුළුව සාර්ථක ව පැවැත්වීමෙන් සහයෝගිතා වඩාත් පුළුල් කිරීමේ නව අවස්ථාවක් නිර්මාණය විය. චීනය ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් සමග කාර්මික හා ආයෝජන සහයෝගිතා ශක්තිමත් කිරීම, ද්විපාර්ශ්වික සමෘද්ධිය හා සංවර්ධනයට ඉවහල් වන බව චීන ජනාධිපතිවරයා කියාසිටී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ක්‍රියාත්මක කිරීම සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල සංවර්ධන උපාය මාර්ග , ඉදිරි දැක්ම හා සැලසුම් සම්බන්ධ කිරීමට ද එම කාර්මික හා ආයෝජන සහයෝගිතා ශක්තිමත් කිරීම උපකාරී වන බව හෙතෙම පවසයි. ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යාම සඳහා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් සමග එක්ව සමගියෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමති බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම