සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
2024-05-23 15:39:31
Share with:

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව දැඩි උනන්දුවකින් පසුවේ.

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා මෙවර වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙන අතර තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

වෙසක් පොහොය නිමිත්තෙන් සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු නිදහස් කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව විශේෂ ජනපති සමාව ය‍ටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම