ලොව ඉතිහාසයේ කෙටිම කලකින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන රට චීනය වනු ඇත
2024-05-23 18:42:32
Share with:

ඉතිහාසයේ ඉතා කෙටිම කාලයක් තුළ සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය හෙවත් කාබන් තීව්‍රතාවය පිළිබඳ ලොව විශාලතම අඩුකිරීම චීනය සම්පූර්ණ කරනු ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

කුඩා දූපත් රාජ්‍ය දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර නීති කමිටුවේ ඉල්ලීමක් පරිදි, මුහුදු නීතිය සඳහා ජාත්‍යන්තර අධිකරණය උපදේශන මතයක් පසුගිය 21 වැනිදා නිකුත් කළ බව වාර්තා විය.

මෙම උපදේශන මතය පිළිබඳ චීනයේ කාර්යභාරය සම්බන්ධයෙන් Wang Wenbin මහතා පැවසුවේ, ජෛව ශිෂ්ටාචාරය පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය යටතේ චීනය, සංවර්ධනාත්මක අදහස් හා යෝජනා ඉදිරිපත් කොට ගෝලීය දේශගුණික හා සාගර පාලන පද්ධතිය වැඩිදියුණු කිරීමට දායක වී ඇති බවයි.

ඉතා වගකීමෙන් යුතු දැවැන්ත සංවර්ධනය වෙමින් පවතින රටක් වන චීනය, දේශගුණික විපර්යාසයට ක්‍රියාකාරීව මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ග ක්‍රියාත්මක කොට තිබෙන බව ද Wang Wenbin මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම