චීනයේ එක්සත්භාවයට බාධා කෙරෙන ඕනෑම ආකාරයක බලපෑමකට චීනයේ විරෝධය
2024-05-23 17:02:36
Share with:

තායිවාන ප්‍රශ්නය චීනයේ කේන්ද්‍රීය අයිතිවාසිකම්වල හරය බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් ජපාන නිලධාරීන්ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, Wang Wenbin මහතා පැවසුවේ, තායිවාන ප්‍රශ්නය චීන-ජපාන සබඳතාවල දේශපාලන පදනමට සම්බන්ධ වන අතර එය ජයගත නොහැකි රතු රේඛාවක් බවයි. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාවගේ දැඩි අධිෂ්ඨානය, ස්ථිර කැමැත්ත සහ ශක්තිමත් හැකියාව කිසිවකු අවතක්සේරු නොකළ යුතු බව හෙතෙම එහිදී යළි අවධාරණය කළේය.

චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී චීනයේ එක්සත්භාවයට බාධා කෙරෙන බලපෑම්වලට චීනය නිසැකවම දැඩි ලෙස විරුද්ධ වනු ඇතැයි ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම