යුරෝපා රටවල් තුනක් පලස්තීන රාජ්‍යය පිළිගනී
2024-05-23 11:37:58
Share with:

පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ස්පාඤ්ඤය, නෝර්වේ රාජ්‍යය සහ අයර්ලන්තය යන රටවල් තුන ඊයේ (22) නිවේදනය කර ඇත.

ජාත්‍යන්තර තලයේ පිළිගැනෙන "ද්වි-රාජ්‍ය විසඳුම" හා වෙනත් ජාත්‍යන්තර රෙගුලාසි මත පදනම්ව තම රට පිළිගනිමින්, සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීමට සහාය වන්නැයි, පලස්තීනය පිළිගෙන නොමැති යුරෝපා රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති Mahmoud Abbas මහතා පැවසීය. ඒ, එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ  සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියාසිටියේ, පලස්තීන ජනතාවගේ නීත්‍යනුකූල ජාතික අයිතීන් ඔවුන්ට යළි හිමි කර දීමේ සාධාරණ ව්‍යායාමයට සහ පලස්තීන-ඊශ්‍රායල ද්වි-රාජ්‍ය විසඳුමට  චීනය සෑමවිටම දැඩි සහයෝගය දක්වන බව යි. චීනය පලස්තීන රාජ්‍යය පිළිගත් පළමු රටවලින් එකක් බව ද හෙතෙම පැවසීය.

පලස්තීන ප්‍රශ්නයට විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරන බව ද Wang Wenbin මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම