ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක නායකයෝ එකම චීනය මූලධර්මය අවධාරණය කරති
2024-05-23 16:39:03
Share with:

රටවල් රැසක ජනාධිපතිවරු හා රාජ්‍ය නායකයෝ එකම චීනය මූලධර්මය තරයේ අනුගමනය කරන බව යළි අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ එකම චීනය මූලධර්මය ශ්‍රී ලංකා-චීන සබඳතාව සඳහා වන කේන්ද්‍රීය එකඟතාවක් බවයි. ශ්‍රී ලංකාව බොහෝ අවස්ථාවලදී එම මූලධර්මය අවධාරණය කර තිබේ. චීනය වෙන්කිරීමේ කවර හෝ පිළිකුල් සහගත ක්‍රියාවන්ට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි. සිය භෞමික අඛණ්ඩතාව සුරැකීමට තම රට චීනයට සහාය වන බව ද හෙතෙම පවසා ඇත.

එකම චීනය මූලධර්මයට ස්ථිර අනුග්‍රහය ලබා දෙන බව යළි පැවසූ සැම්බියානු ජනාධිපති Hakainde Hichilema මහතා තම රට එම ස්ථාවරයේ නොසැලී රැඳී සිටින බව අවධාරණය කර තිබේ.

මධ්‍යම අප්‍රිකා ජනරජයේ ජනාධිපති Faustin-Archange Touadéra මහතා  සඳහන් කළේ චීනය සහ තම රට සහෝදර රටවල් දෙකක් බවයි. එකම චීනය මූලධර්මයට සහ චීනයේ ඒකීයත්වය පිළි ගන්නා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අංක 2758 තීරණයට ද තම රටේ අනුග්‍රහය හිමි වන බව හෙතෙම පැවසීය.



ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම