ජනවාරි සිට මැයි දක්වා දකුණු කොරියාවට 2679 ක්
2024-05-22 14:39:47
Share with:

මෙම වසරේ ගතවූ මාස 5ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයින් 150ක පිරිසක් ඊයේ(21) දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කෙරේ.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම