වෙළඳ ආරක්ෂණවාදයට විරුද්ධ වන බවට දී ඇති පොරොන්දු යුරෝපය ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි
2024-05-22 17:31:46
Share with:

නිදහස් වෙළඳාමට සහාය වෙමින් වෙළඳ ආරක්ෂණවාදයට විරුද්ධ වන බවට ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට යුරෝපයට හැකි වෙතැයි චීනය අපේක්ෂා කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

යුරෝපා කොමිසමේ ලේකම් Ursula von der Leyen මහත්මිය පසුගිය දා පැවසුවේ යුරෝපා සංගමයට චීන විදුලි මෝටර් රථවලට එරෙහිව නිල වශයෙන් තීරු බදු පැනවිය හැකි බවයි. චීනය විදුලි මෝටර් රථ සඳහා ලබා දෙන සහනාධාරය රෙගුලාසි-විරෝධී වන බවට සනාථ වුවහොත් ඒ මත පදනම් ව යුරෝපා සංගමය තීරු බදු පනවනු ඇත. මෙවැනි ක්‍රියාවන් ඇමරිකාවේ අදාළ ක්‍රියාවන්ට වඩා වෙනස් අයුරින් ක්‍රියාත්මක වනු ඇති බව ද ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ චීනයේ සංවර්ධනය හා විවෘත භාවය යුරෝපයටත් ලෝකයටත් ගෙන එන්නේ අවස්ථාවන් මිස අවදානම් නොවන බවයි. වෙළඳ ආරක්ෂණවාදය යුරෝපා සංගමයේ පවතින ගැටළුවට විසඳුමක් නොවේ. චීනය හා යුරෝපය එකිනෙකාගේ ‍දෙවැනි වෙළඳ හවුල්කරුවා ය. දෙපාර්ශ්වය විවෘත ලෝක ආර්ථිකය ගොඩනැංවීමට ගාමක බලවේගයන් වන අතර, සංවාද මාර්ග ඔස්සේ ආර්ථික හා වෙළඳ ගැටළු විසඳා ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම