
ගෝලීය න්‍යෂ්ටික සුරක්ෂිතභාවය සහතික කිරීමේ වැදගත්කම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අවධාරණය කරයි.
ඔස්ට්‍රියාවේ වියානා හි පැවැත්වෙන න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී ඊයේ(21) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ. න්‍යෂ්ටික ආරක්ෂාව, විවිධ රටවල ජාතික වගකීමක් වන බවත් න්‍යෂ්ටික අමුද්‍රව්‍ය, විකිරණ ද්‍රව්‍ය හා අදාළ පහසුකම්වලට එරෙහි ද්වේශසහගත ක්‍රියා වැළැක්වීම, හඳුනාගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම යන වගකීම් ද එයට ඇතුළත් වන බව එම නිවේදනයෙන් පැහැදිලි කර ඇත. ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණ ප්‍රචලිත වීමත් සමග එවැනි තාක්ෂණ අංශයන්ගෙන් න්‍යෂ්ටික ආරක්ෂාවට එල්ලවන තර්ජනය හා අවදානම් පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතු බව ද ඉන් අවධාරණය කර ඇත.
න්‍යෂ්ටික ආරක්ෂණ හැකියාව අඛණ්ඩව ශක්තිමත් කර ඇති චීන රජය, නීති හා රෙගුලාසි මාලාවක් ඔස්සේ න්‍යෂ්ටික ද්‍රව්‍ය හා න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂාව සහතික කිරීමේ විධිවිධාන නියම කර ඇතැයි චීන නියෝජිතයා එම අවස්ථාවේදී කියා සිටියේය. න්‍යෂ්ටික උපකරණවල හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව සහතික කිරීම සඳහා සංයෝගාත්මක ආරක්ෂක අභ්‍යාස අඛණ්ඩව සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.