චීනය“ඇමරිකානු යුද කාර්මික ව්‍යවසායන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට එරෙහිව ප්‍රතිවිරෝධතා ගැනීම පිළිබඳ තීරණය”නිකුත් කරයි
2024-05-22 17:55:41
Share with:

චීන විදේශ අමාත්‍යාංශය අද (22)  “ඇමරිකානු යුද කාර්මික ව්‍යවසායන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට එරෙහිව ප්‍රතිවිරෝධතා ගැනීම පිළිබඳ තීරණය” නිකුත් කළේය. මෙම තීරණය අද (22) සිට බලපැවැත්වේ.

කාලයක් තිස්සේ ඇමරිකාව යුක්රේන අර්බුදය තුළ චීනයේ අරමුණ සහ සාධාරණ ස්ථාවරය මෙන්ම සංවර්ධනත්මක භූමිකාව නොසලකා හැර ඇති අතර ඊනියා රුසියාව සම්බන්ධ සාධක මත චීන ආයතන ගණනාවකට විචක්ෂණශීලී සහ නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පැනවීය. ඒ අතරම, චීනයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට බරපතල ලෙස හානි කරමින් ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට ආයුධ විකිණීම දිගටම කරගෙන යයි.

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියට අනුකූලව, Lockheed Martin මිසයිල සහ Fire Control සමාගම ඇතුළු ඇමරිකාවේ යුද කාර්මික සමාගම් 12 ක් සහ සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 10 දෙනෙකුට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර තිබේ. චීනය තුළ මෙම සමාගම්වල චංචල, නිශ්චල දේපල සහ වෙනත් දේපල අත්හිටුවනවා මෙන්ම, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට වීසා බලපත්‍ර නිකුත් නොකරනවා පමණක් නොව චීනයට ඇතුළු වීමට ද ඉඩ නොදේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම