සන්නද්ධ ගැටුම් අවසන් කිරීම සිවිල් වැසියන්ට විශාල ආරක්ෂාවක්--චීනය
2024-05-22 11:11:48
Share with:

සන්නද්ධ ගැටුම් අවසන් කිරීම සිවිල් වැසියන්ට විශාල ආරක්ෂාවක් බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති සන්නද්ධ ගැටුම්වලින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදීය.

මාස 7 ක් තිස්සේ පවතින ගාසා හි ගැටුම්කාරී තත්ත්වය පෙර නොවූ විරූ ලෙස සිවිල් ජීවිත හානි හා මානුෂීය ව්‍යසනයන් නිර්මාණය කර ඇති අතර, මේ වන විට Rafah හි සරණාගත සිවිල් වැසියන් මිලියන ගණනක් විශාල ආරක්ෂක තර්ජනයකට මුහුණ දෙමින් සිටින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

කඩිනමින් සම්පූර්ණ සටන් විරාමයක් ආරම්භ කිරීමට ප්‍රමුඛත්වයට දෙමින් ඊට අදාළ පියවර වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු එහිදී ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. පලස්තීන ජනතාවට සාමූහිකව දඬුවම් සහ Rafah ප්‍රදේශයට එරෙහි හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස එම මණ්ඩලය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිය යුතු බව ද ඔහු කියා සිටියේය.

ජාත්‍යන්තර මානුෂීය නීතියේ අධිකාරීත්වය ආරක්ෂක මණ්ඩලය තහවුරු කළ යුතු බව Fu Cong මහතා අවධාරණය කළේය. මානුෂීය නීතියේ දී ද්විත්ව ප්‍රමිතීන් භාවිත කිරීම පිළිගත නොහැකි අතර, එය නීති විරෝධී ක්‍රියාවන්ට අවසර දීමක් හා සමාන වන බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම