වියට්නාම නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-22 17:55:00
Share with:

වියට්නාම නව ජනාධිපති To Lam මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවුඩය අද(22) යොමුකර තිබේ.

චීනය සහ වියට්නාම මිත්‍ර සමාජවාදී අසල්වැසි රටවල් දෙකකි. තමා පසුගිය වසරේ වියට්නාමයේ නිල ‍වශයෙන් සංචාරය කිරීම අතරතුර මහලේකම් Nguyen Phu Trong මහතා සමඟ උපායමාර්ගික වැදගත්කමකින් යුතු පොදු ඉරණම සහිත චීන-වියට්නාම ප්‍රජාවක් පිහිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් දෙරටේ පක්ෂ අතර සබඳතා‍වයේ නව පරි‍ච්ඡේදයක් ආරම්භ කොට තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

චීන-වියට්නාම සබඳතාව ඉහළින් අගය කරන තමා, ජනාධිපති To Lam මහතා සමඟ එක්ව උපායමාර්ගික සබන්ධීකරණය පවත්වා ගෙන පොදු ඉරණම සහිත චීන-වියට්නාම ප්‍රජාවක් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම