14 වන චීන-ඇමරිකා උසස් පෙළේ සංචාරක සංවාදයේ සමාරම්භක උත්සවයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-22 14:39:17
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(22) 14 වන චීන -ඇමරිකා උසස් පෙළේ සංචාරක සංවාදයේ සමාරම්භක උත්සවය වෙත සිය සුබ පැතුම් පිරිනමා ඇත.

ඇමරිකා සංචාරකයන් චීනයට පැමිණ සංචාරය කරමින් චීන මිතුරන් සමග සම්බන්ධ වීම, චීන සංස්කෘතිය රසවිඳීම, සැබෑ චීනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම, චීනය උණුසුම් ලෙස පිළිගන්නා බව ෂී ජින්පිං මහතා පැවසීය. මෙවර උසස් පෙළේ සංවාදය ප්‍රයෝජනයට ගනිමින් දෙරටේ ඒ ඒ ක්ෂේත්‍රවල පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වේ. එමෙන්ම සංචාරක සහයෝගිතා මගින් මානව හුවමාරු තහවුරු කරමින් සංස්කෘතික හුවමාරු මත චීන-ඇමරිකා මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

14 වන චීන -ඇමරිකා උසස් පෙළේ සංචාරක සංවාදය අද(22) චීනයේ Shaanxi පළාතේ Xi’an නගරයේදී ආරම්භ කෙරිණ. “සංචාරක ක්ෂේත්‍රය මගින් චීනය හා ඇමරිකාව අතර මානව හුවමාරු ප්‍රවර්ධනය කිරීම” එහි ප්‍රධාන තේමාවය.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම