චීන විදේශ අමාත්‍යවරයා ශැන්හයි සහයෝගිතා සංවිධානයේ විදේශ ඇමතිවරුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වෙයි
2024-05-22 10:16:19
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ඊයේ(21) Astana හිදී පැවති ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල විදේශ ඇමතිවරුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමට එක් විය.

වර්තමානයේ ලෝකය අඛණ්ඩව වෙනස් වෙමින් අවුල් සහගත තත්ත්වයක පවතින බව වං යී මහතා එහිදී පැවසීය. ඇතැම් රටවල් අසාධාරණ ලෙස ආධිපත්‍යය පතුරවමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වෙත මැදිහත් වීම හා රටවල් මර්දනය කරමින් කලාපීය ත්‍රස්තවාදය, බෙදුම්වාදය හා අන්තවාදය වර්ධනය කිරීමට‍ සහාය දක්වයි. ගෝලීය වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල උපායමාර්ගික ස්වාධීනත්වය මැඩ පැවැත්වීම, නව වෙළඳපොල හා එම රටවල සංවර්ධනයට බාධා එල්ල කිරීම එහි අරමුණ බව වං යී මහතා පෙන්වා දුන්නේය. ලෝකය අර්බුදකාරී වීමත් සමඟ ශැන්හයි සහයෝගිතා සංවිධානයේ ජීවගුණය අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් ය. නිවැරදි දිශාවක් කරා ගමන් කරමින් ශැන්හයි සහයෝගිතා සංවිධානය තවදුරටත් ශක්තිමත් කර, පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම, විවිධ අභියෝගවලට සක්‍රිය ප්‍රතිචාර දැක්වීම, සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම සිදු කළ යුතු බව වං යී මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම