තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා ‘තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ අන්තවාදී මතයක් දරන බව චීන රාජ්‍ය මණ්ඩලය පවසයි
2024-05-22 09:44:31
Share with:

තායිවාන ප්‍රදේශයේ ඊනියා නායකත්වය භාරගැනීමෙන් පසු පැවැත්වූ දේශනයේ දී Lai Ching-te ‘තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ අන්තවාදී මතයක්  පළ කර ඇතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු ඊයේ (22) මේ බව පැවසුවේ, ඒ පිළිබඳව මාධ්‍ය වෙතින් නැගුණු විමසුමකට ප්‍රතිචාර දක්වමිනි. "තායිවාන ස්වාධීනත්වය" පිළිබඳව තම මතය ප්‍රකාශ කරමින් Lai Ching-te කළ කතාව එදිරිවාදීකමින් සහ ප්‍රකෝපකාරීත්වයෙන් මෙන්ම බොරුවෙන් සහ රැවටීමෙන් පිරී ඇතැයි ද හෙතෙම කියාසිටියේය.  

Lai Ching-te  තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සබඳතා පිළිබඳ මූලික ප්‍රශ්නය විසඳීමට අසමත් වූවා පමණක් නොව, ඔහු එකම චීනය මූලධර්මයට බරපතල ලෙස අභියෝග කරමින්, පවතින සබඳතාවල ස්වභාවය වෙනස් කිරීමට ද උත්සාහ කළ බව Chen Binhua මහතා පෙන්වාදෙයි.

තායිවාන ප්‍රදේශය යනු චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත්, එහි අනාගතය තීරණය කළ හැක්කේ එහි සිටින රටවැසියන් ද ඇතුළුව බිලියන 1.4 කට වැඩි චීන ජනතාවට පමණක් බව Lai Ching-te ට මතක් කර දිය යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

‘චීන විරෝධී’ හැඟීම් අවුස්සමින් බලහත්කාර ‘ස්වාධීනත්වයක්’ පසුපස දුවන Lai Ching-te ගේ උත්සාහය තායිවාන ප්‍රදේශය භයානක සන්නද්ධ ගැටුමක් දක්වා තල්ලු කරනු ඇතැයි ද Chen Binhua මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම