අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්
2024-05-22 14:38:27
Share with:

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’හා ‘ගම්මාන විදුලි වැට’ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිතිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

කෘෂි විදුලි වැට (Agro Fence) ගොවිතැන් කටයුතු ආරම්භ කරන මොහොතේ අස්වැන්න නෙලීමෙන් පසු ඉවත් කිරීම අදාළ ගොවීන් විසින් සිදු කළ යුතුය. විදුලි වැට නඩත්තු කිරීම හා භාරකාරත්වය සම්බන්ධයෙන් වූ වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරේ. ගම්මාන විදුලි වැට (Village Fence) නඩත්තු කර පවත්වා ගෙන යාම අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට ද සාකච්ඡාවේදී තීරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම