චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2024-05-21 10:57:06
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(20) Astana නගරයේ පැවති ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමුවිය.

චීනය සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරයට අවධානය යොමු කරමින්, දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් නව වැදගත් එකඟතා මාලාව සාර්ථකව ක්‍රියාත්මක කර චීන-රුසියා සබඳතා නව මට්ටමකට ගෙන ඒමට රුසියාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා එහිදී පැවසීය.

දෙරට මෙම වසර තුළ ද්විපාර්ශ්වික හුවමාරු සඳහා සූදානම් විය යුතු බවත්, අන්‍යෝන්‍ය සහයෝගය අඛණ්ඩව වැඩි දියුණු කළ යුතු බවත්, කලාපීය ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බවත් Wang Yi මහතා සඳහන් කර ඇත.

විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට රුසියාව චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Sergey Lavrov මහතා එහිදී ප්‍රකාශ කර ඇත. තායිවාන ප්‍රදේශය චීනයට යළි පැමිණීම සහ චීන ජාතියේ එක්සත්භාය සාක්ෂාත් කර ගැනීමට රුසියාව උපරිම ලෙස සහාය දක්වන බව ද ඔහු කියා සිටියේ ය. චින ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කළ ගෝලීය ආරක්ෂක මුලපිරුම ලෝක සාමය පවත්වා ගැනීමට වඩා වැදගත් වන අතර මෙම වැදගත් මුලපිරුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමඟ සක්‍රිය ලෙස සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද Sergey Lavrov මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම