පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් දහසක් පුහුණු කෙරේ
2024-05-21 15:04:55
Share with:

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් දහසක් පුහුණුවට බඳවා  ගැනේ.  පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (21) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.

සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිණියන් 2836 ක් පුහුණුව සඳහා තෝරා ගැණින. කණ්ඩායම් දෙකක් වශයෙන් එම පිරිස පුහුණුවට බඳවා ගන්නා අතර පුහුණු පාසල්වල පුහුණුව අවසන් කළ පළමු කණ්ඩායමේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

මේවන විට රේඛීය  අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 1350 ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක පිරිසක් සේවය කරති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම