"තායිවාන බෙදුම්වාදීන්ට” එරෙහිව ගෝලීය සංවිධාන හා පුද්ගලයින්ගේ දැඩි විරෝධය
2024-05-21 10:20:43
Share with:

එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරමින් "තායිවාන බෙදුම්වාදීන්ට” එරෙහිව විවිධ ජගත් සංවිධාන, රාජ්‍යයන් හා දේශපාලන පක්ෂ දැඩි විරෝධ පළ කිරීම යළි අවධාරණය කරයි. 

මෑතකදී විවිධ ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යයන් සහ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විවිධ මාධ්‍ය හමුවලදී සහ නිවේදන නිකුත් කිරීම  මගින් මෙම අදහස් පළ කර ඇත. එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන අතර කිසිදු අයුරකින් "තායිවාන බෙදුම්වාදීන්”හා බාහිර බලවේගයන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

ජගත් සංවිධානයක් වන South Centre ප්‍රකාශ කළේ ලෝකයේ පවතින්නේ එකම චීනය බවත්, තායිවානය කිසිදා චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන බවයි. චීන මහජන සමූහාණ්ඩුව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. එමෙන්ම චීනයේ එක්සත්භාවය වෙනුවෙන් සිය උපරිම සහය ලබා දෙන බව ද එම සංවිධානය අවධාරණය කර ඇත. 

මේ සම්බන්ධයෙන්, ජාත්‍යන්තර තත්ත්වය කුමන අයුරකින් වෙනස් වුවද ශ්‍රී ලංකාව සෑම විටම එකම චීනය මූලධර්මය දැඩි ලෙස අනුගමනය කරන බව ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද ප්‍රකාශ කර ඇත. චීන රජයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම සඳහා දරන සියලු උත්සහයන්ට ශ්‍රී ලංකාව සිය සහය ලබා දෙන අතර සියලු ආකාරයේ “ තායිවාන බෙදුම්වාදී  ක්‍රියාවන්ට ” විරෝධය ද පළ කරයි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය තුළ කිසිදු ආකාරයේ චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාවකට කිසිසේත්ම ඉඩ නොදෙන බව ද හෙතෙම පැවසීය

මියන්මාර-චීන මිත්‍ර සංගමයේ සභාපති Tin Oo මහතා ප්‍රකාශ කළේ එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන මියන්මාරය විවිධ අවස්ථාවලදී විවෘතව චීනයට සහය ලබා දී ඇති බවයි. ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට අන්‍යෝන්‍ය ලෙස ගරු කිරීම, මියන්මාරය හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ දේශපාලන පදනමක් වන බව ද හෙතෙම සඳහන් කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම