චීනයෙන් නව චන්ද්‍රිකා 4 ක්
2024-05-21 16:28:26
Share with:

චීනයේ Kuaizhou-11 Y4 නමැති වාණිජ රොකට්ටුව මගින් නව චන්ද්‍රිකා 4 ක් කක්ෂගත කෙරේ. Wuhan-1 චන්ද්‍රිකාව සහ අඩු උසකින් යුතු පෘථිවි කක්ෂයක (LOE) ගමන්කරන තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකාවක් ද ඊට ඇතුළත් ය.
වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී එම ගුවන්ගත කිරීම අද (21) සිදුකෙරිණ. රොකට්ටුව බෙයිජිං වේලාවෙන් 12.15 ට පුපුරා ගියේය. චන්ද්‍රිකා 4 අදාළ සැලසුම්ගත කක්ෂයට නිවැරදි ව ඇතුළු වී ඇත.
මෙය Kuaizhou රොකට් මාලාවේ 32 වැනි පියාසැරි මෙහෙයුම යි.