යුක්රේන අර්බුදය නිමා කිරීමට කඩිනම් දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කරන්නැයි චීනය යළිත් ඉල්ලයි
2024-05-21 10:23:16
Share with:

යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගයකින් කඩිනමින් විසඳීම ප්‍රවර්ධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඉල්ලා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, යුක්රේන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (20) පැවති සමුළුවක දීය.

යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගයක් ඔස්සේ කඩිනමින් විසඳීම සඳහා, සාමය හා මානවවාදය වැදගත් කොට සලකමින් සටන් විරාමයක් ඇරඹීමට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න දරන්නැයි, Geng Shuang මහතා එහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ගැටුමට අදාළ පාර්ශ්ව හැකි ඉක්මණින් සාම සාකච්ඡා ආරම්භ කොට සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. ඒ සඳහා ජගත් ප්‍රජාව පහසුකම් හා අනුග්‍රහය සැපයිය යුතු ය. යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගයකින් විසඳීම උදෙසා අඛණ්ඩ ප්‍රයත්න දරමින් සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානමින් සිටින බව ද Geng Shuang මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම