කාම්බෝජ උප අගමැති හා විදේශ අමාත්‍යවරයා චීනයේ සංචාරයකට සූදානම්
2024-05-21 17:26:14
Share with:

කාම්බෝජ උප අගමැති හා විදේශ අමාත්‍ය Sok Chenda Sophea මහතා එ‍ළඹෙන 23වැනිදා සිට 25වැනිදා දක්වා චීනයේ නිල සංචාරයකට එක්වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(21) ප්‍රකාශ කළේය. 

උප අගමැති හා විදේශ අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව සිය ප්‍රථම විදේශීය නිල සංචාරයේ ගමනාන්තය ලෙස චීනය තෝරා ගැනීමට Sok Chenda Sophea මහතා බලාපොරොත්තු පළ කර තිබිණ. මේ පිළිබඳව ප්‍රශංසා කරන බව වං වෙන්බින් මහතා කීය. Sok Chenda Sophea මහතා ගේ සංචාරයේදී චීන නායකයා හා විදේශ අමාත්‍ය වං යී මහතා ඔහු හමුවීමට නියමිතය. දෙරටේ උසස් පෙළේ පොදු එකඟතාවන් ක්‍රියාවට නංවාලීම, පොදු සැළකිල්ලට ලක් ජාත්‍යන්තර හා ප්‍රාදේශීය ගැටළු පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරන ගනු ඇතැයි ද ඔහු පැවසීය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම