ඊශ්‍රායලය රෆා නගරයේ සිදු කරන මෙහෙයුම් වහාම නතර කළ යුතු බව චීනය කියයි
2024-05-21 15:11:06
Share with:

ඊශ්‍රායලය රෆා නගරයේ සිදු කරන මෙහෙයුම් වහාම නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා පවසයි.ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විරෝධය මධ්‍යයේ ඊශ්‍රායලය තවදුරටත් රෆා නගරයේ මහ පරිමාණ මෙහෙයුම් සිදු කරමින් සිටී.විශාල පිරිසක් යළි වරක් ඉන් අවතැන්භාවයට පත්වන බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත ෆූ ට්සොන්ග් මහතා සඳහන් කරයි.එම මෙහෙයුම කෙරෙහි චීනය කණස්සල්ල හා දැඩි විරෝධය පළ කරන බවද හෙතෙම කියා සිටී. සිවිල් වැසියන් සාමූහිකව දඬුවමට ලක් කිරීමෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පරිසරයක් නිර්මාණය නොවන බවද හෙතෙම කියා සිටී.

මානුෂවාදී සටන් වි‍රාමයකට බල කෙරෙන ආරක්ෂක මණ්ඩලයේ 2728වන යෝජනාවට චීනය සහයෝගය පළ කරන බවද ෆූ ට්සොන්ග් මහතා කියා සිටී.ඒ අතරම ඊශ්‍රායලයට බලපෑම් කළ හැකි ප්‍රධාන රට වශයෙන් ඇමරිකාව සටන් විරාමයක් හා එදිරිවාදිකම් අත්හිටුවීම වෙනුවෙන් අපක්ෂපාතීව හා සක්‍රීයව ක්‍රියා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද චීන නියෝජිතයා කීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම