එකම චීනය මූලධර්මය උල්ලංඝනය කරමින් චීනයේ තායිවාන ප්‍රදේශය සමග සිදු කරන අනිසි ක්‍රියා කෙරෙහි චීනයේ දැඩි විරුද්ධත්වය
2024-05-21 16:48:40
Share with:

චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් තායිවාන ප්‍රදේශය සමග පවත්වන ඕනෑම ආකාරයක නිල හුවමාරුවකට චීනය තරයේ විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි. අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු තායිවාන ප්‍රදේශය පිළිබඳව අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඇතැම් රටවල සහ දේශපාලනඥයින්ගේ වැරදි ප්‍රකාශ සහ ක්‍රියාවන් එකම චීනය යන මූලධර්මය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝනය කරන අතර එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි මැදිහත්වීමකි. එසේම එය චීනයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි දායකය. තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇති සාමය සහ ස්ථාවරත්වයට එමඟින් අනතුරක් එක් කරන අතර මෙය චීනය තරයේ හෙළා දකින බවද Wang Wenbin මහතා පැවසීය.

තායිවාන ප්‍රදේශය ආශ්‍රිත ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලන උපායන් යෙදීම නතර කරන ලෙසත්, “තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වය” ප්‍රවර්ධනය කරන බෙදුම්වාදී බලවේග වෙත වැරදි සංඥා යැවීම නවත්වන ලෙසත් අදාළ රටවල් සහ එම දේශපාලනඥයින්ගෙන් චීනය දැඩිව ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම