උතුරු මැසිඩෝනියානු ජනරජයේ නව ජනාධිපතිනියට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-21 10:46:19
Share with:

උතුරු මැසිඩෝනියානු ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ Gordana Siljanovska Davkova මහත්මිය වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පතයි. පසුගිය දා හෙතෙම Gordana Siljanovska Davkova මහත්මිය වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

චීනය හා උතුරු මැසිඩෝනියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.මෑත වසරවල දෙරට අතර පවතින සහයෝගිතා වඩාත් විධිමත් ව වර්ධනය වී තිබේ.ඉන් දෙරටේ ජනතාවට සෙත සැලසී ඇත. උතුරු මැසිඩෝනියාව සමග පවතින සබඳතා චීනය ඉතා වැදගත් කොට සලකයි. Gordana Siljanovska Davkova මහත්මිය සමග එක්ව ‍දේශපාලනික විශ්වාසය තහවුරු කරමින් ද්විපාර්ශ්වික සහ‍යෝගිතා හා හුවමාරු පුළුල් කරමින් ‍චීන-උතුරු මැසිඩෝනියානු මිත්‍ර සහයෝගිතා සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාමට බලාපො‍රොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම