පලස්තීනය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමේදී අරාබි රටවල් අතර සමගියට චීනයේ සහාය
2024-05-21 18:32:44
Share with:

පලස්තීනය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමේදී අරාබි රටවල් එක්සත් වී ප්‍රශස්ත කාර්යභාරයන් ඉටු කිරීමට චීනය සහාය වෙයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

පසුගියදා පැවති අරාබි රාජ්‍ය ලීගයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 33වැනි සමුළුවේ පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ඒකීය ස්ථාවරය අවධාරණය කර ඇති අතර, චීනය දරන ආකල්පය එහි පැසසුමට ලක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ, අරාබි රටවල් සමග එක්ව සහයෝගිතා තහවුරු කරමින් පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින ආතතිය සමනය කිරීමටත්, ‘ද්වී-රාජ්‍ය විසඳුම’ පිළිබඳ නිවැරදි මාර්ගයට යළි පැමිණීමට සහාය වීමටත් චීනය සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම