ශ්‍රී ලංකා-ඉන්දුනීසියානු ජනපතිවරුන් අතර නිල හමුවක්
2024-05-21 14:58:47
Share with:

ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුවක් පවත්වා තිබේ.

ඊයේ (20) පස්වරුවේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දී තිබේ.

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරිණ.

දැනට පවතින ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළ අතර ඉන්දියන් සාගරයේ කලාපීය ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශ්වයේ විශේෂ අවධානයක් යොමු විය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණීය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම