මෙරට ක්‍රියාත්මක රබර් නිෂ්පාදන නියාමන පනත ගැන යුරෝපා සංගමයේ පැසසුම්
2024-05-20 15:40:32
Share with:

වනාන්තර විනාශ නොකොට රබර් වගා කිරීම සඳහා රබර් නිෂ්පාදනය කරන රටවලට යුරෝපා සංගමයෙන් හඳුන්වා දුන් නිෂ්පාදන නියාමන පනත ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම එම සංගම‌යේ ඇගයීමට ලක්ව ඇත.

පසුගියදා මෙරට සංචාරයේ නිරත වූ ව්‍යාපාරික නියෝජිත පිරිසක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාට මේ පිළිබඳව දන්වා තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ වසරේ හෙක්ටයාර් 1173ක රබර් වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය.

දැනට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර්වලින් සියයට 30ක් යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මිලදී ගනු ලබයි. මේ වන විට හෙක්ටයාර් 65,000ක රබර් වගා කර ඇති අතර, මෙට්‍රික් ටොන් 98,500ක් වාර්ෂිකව අපනයනය කරයි. රබර් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40ක ආදායමක් වාර්ෂිකව ජාතික ආදායමට ලැබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම