අරාබි රටවල් එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම චීනයේ පැසසුමට
2024-05-20 16:32:00
Share with:

එකම චීනය මූලධර්මය ජාත්‍යන්තර යුක්තිය මෙන්ම ජනතාවගේ අපෙක්ෂාව බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය 16වැනිදා පැවති 33වැනි අරාබි ලීග නායක කවුන්සිලයේ සමුළුවේදී අරාබි රටවල් එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම එම සමුළුවේ තීරණයන්ට ඇතුළත් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Wang Wenbin මහතා පැවසුවේ,  අරාබි රටවල එම ක්‍රියාව චීනයේ පැසසුමට ලක් වන බවයි. අරාබි රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් දැඩි ලෙස ආරක්ෂා කිරීම මෙයින් පෙනී යන බව ද හෙතෙම කියා සිටියේය.

එකිනෙකාගේ මූලික අවශ්‍යතා හා අවධානයට ලක් වන ප්‍රධාන කරුණු පිළිබඳව අරාබි රටවල් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දෙමින් සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම