ඉරාන ජනපති සහ විදේශ අමාත්‍යවරයාගේ අභාවයන් පිළිබඳව චීන විදේශ අමාත්‍යවරයා ශෝකය පළ කරයි
2024-05-20 19:45:36
Share with:

ඉරාන ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ හදිසි අභාවයන් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි. අද (20) කසකස්ථානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Murat Nurtleu මහතා සමග එරට Astana අගනුවර මාධ්‍ය හමුවූ අවස්ථාවේදී ඔහු මේ පිළබඳව සඳහන් කර ඇත.

හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඉරානය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ චීනය දැඩි ලෙස කණගාටු වූ බවත්, ඔවුන්ගේ ඥාතීන්ට, ඉරාන රජයට සහ ජනතාවට සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවත් Wang Yi මහතා පැවසීය.

අනතුරින් පසු, සෙවීම් සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා චීනය සක්‍රිය සහාය ලබා දී ඇත. ඉරානයට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම