ඩ්‍රෝන තාක්ෂණයෙන් පලිබෝධනාශක ඉසීම අරඹයි
2024-05-20 15:42:45
Share with:

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව,

අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය, නුරවඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය හා ගම්පහ යන දිස්ත්‍රික්කවල වී වගාව සඳහා මෙවර යල කන්නයේ දී ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් පළිබෝධනාශක ඉසීමට සැළසුම් කර ඇත.

මේ වනවිට අදාළ දිස්ත්‍රික්කවලට ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යානා එකක් බැගින් ලබා දීමට කෘෂි ආංශික තාක්ෂණික සභාව විසින් කටයුතු යොදා තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති ගොවිබිම්වලට  ඩ්‍රෝන යොදා ගනිමින් පළිබෝධනාශක ඉසීම ආරම්භ කෙරිණ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම