ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව චීන ජනපති ශෝකය පළ කරයි
2024-05-20 17:10:53
Share with:

ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා හෙලිකොප්ටර් යානා අනතුරින් ජීවිතක්ෂයට පත් වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශෝකය පළ කරයි. හෙතෙම අද(20) එරට පළමුවැනි උප ජනාධිපති Mohammad Mokhber මහතා වෙත සිය ශෝක පණිවුඩය යොමු කළේය.

චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් Raisi ජනාධිපතිවරයාගේ ඥාතීන් සහ ඉරාන රජය හා ජනතාව වෙත තමා සංවේගය පළ කරන බව ෂී ජින්පිං මහතා සිය පණිවුඩයේ සඳහන් කර ඇත.

Raisi මහතා ජනාධිපති ධුරයට දිවුරුම් දීමෙන් පසු, තම රටේ ස්ථාවරත්වය, සංවර්ධනය තහවුරු කිරීම සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දී ඇති බව චීන ජනාධිපතිවරයා පැවසීය. චීන-ඉරාන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් සහතික කිරීමට ද Raisi මහතා සක්‍රිය අයුරින් කටයුතු කර තිබේ. ඔහු අනපේක්ෂිත ලෙස අභාවයට පත්වීම ඉරාන ජනතාවට මහත් පාඩුවකි. චීන ජනතාවට ද හොඳ මිතුරෙකු අහිමි විය. චීන රජය හා ජනතාව දෙරට සාම්ප්‍රදායික මිතුදම ඉහළින් සලකයි. දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ චීන-ඉරාන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් සහතික කළ හැකි වෙතැයි ද චීන ජනාධිපතිවරයා සිය පණිවුඩය මගින් විශ්වාසය පළ කළේය

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම