චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා නව පාලකයා ලෙස දිව්රුම් දීම පිළිබඳව චීනයේ ස්ථාවරය
2024-05-20 18:42:24
Share with:

එකම චීනය මූලධර්මය තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය පවත්වා ගැනීම සඳහා ස්ථායීකාරකයක් බව චීන විදේශ ඇමතිවරයා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා අද(20) කසක්ස්ථානයේ Astana අගනුවර පැවති ශංහයි සහ‍යෝගිතා සංවිධානයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට එක් වීම අතරතුර මේ බව ප්‍රකාශ කළේය. හෙතෙම චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා නව පාලකයා ලෙස එම ධුරයට දිව්රුම් දීමේ උත්සවය සම්බනධයෙන් චීනයේ දැඩි ස්ථාවරය පැහැදිලි කළේය.

එකම චීනය යන මූලධර්මය කඩ කළ නොහැකි වන අතර "තායිවානයේ ස්වාධීනත්වය" පිළිබඳ බෙදුම්වාදී ක්‍රියාව කළ නොහැක්කක් බව වං යී මහතා පවසා ඇත. චීන එක්සත්භාවයේ ප්‍රවණතාවය ප්‍රතික්ක්ෂේප කළ නොහැකි යැයි ඔහු අවධාරණය කළේය. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. රටේ සම්පූර්ණ එක්සත්භාවය සාක්ෂාත් කර ගැනීම සමස්ත චීන ජාතිකයන්ගේ ඒකමතික ඉල්ලීම යැයි ද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම