වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ රෝහලෙන් ප්‍රකාශයක්
2024-05-20 10:09:23
Share with:

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය Robert Fico මහතාගේ ජීවිතයට මේ වනවිට කිසිදු අනතුරක් නොමැති බව වාර්තා වේ.  අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර පසු සැත්කම් දෙකකට භාජනය කළ අතර, ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බව රූස්වෙල්ට් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Milan Urbani  මහතා ප්‍රකාශ කළ බව එරට නිල පුවත් ඒජන්සිය (TASR) නිවේදනය කර ඇත. 

නමුත් Robert Fico මහතාගේ තත්ත්වය පිළිබඳ වෛද්‍යවරු දැඩි අවධානයෙන් සිටින බවත්, ඔහුට විවේකය අවශ්‍ය අතර සුවය ලැබීමට යම් කාලයක් අවශ්‍ය බවත් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ. මධ්‍යම ස්ලෝවැකියා නගරයේ Handlova හි පැවති රැස්වීමකට සහභාගි වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයකට ලක් විය. අනතුරුව හෙතෙම අගනුවර සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටි රූස්වෙල්ට් රෝහලට ඇතුළත් කෙරිණ. 

මේ අතර, එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය Robert Kalinak මහතා ද ප්‍රකාශ කළේ Robert Fico මහතා අවම වශයෙන් සති කිහිපයකින්  පසුව සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බවයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම