ඉරාන ජනාධිපතිවරයා රැගත්‍ හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්වෙයි
2024-05-20 10:05:03
Share with:

ඉරාන ජනාධිපතිවරයා රැගත්‍ හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමකට ලක්ව ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා පවසයි.

අසර්බයිජානයේ වයඹ දිග පලා‍තේ දී යානය අනතුරකට ලක්ව මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇත.යානය සොයා  ගලවා  ගැනීමේ  කණ්ඩායම්  පිටත්කර ඇත.හෙලිකොප්ටර් තුනකින් සමන්විත ජනාධිපතිවරයාගේ හෙළිකොප්ටර් යානා පෙළ අසර්බයිජානය වෙත පිටත්ව ගොස් ඇත්තේ එහි ඉදිකර ඇති වේල්ලක් අසර්බයිජාන ජනාධිපතිවරයා සමග විවෘත කිරීමේ අවස්ථාවකට එක්වීම සඳහාය.

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් යානය‍ මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්කර ඇතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  සඳහන් කරයි.මෙම අයහපත් කාළගුණ තත්ත්වය සෙවීමේ හා ගලවාගැනීමේ මෙහෙයුම්වලට ද බලපා ඇත.ජනාධිපතිවරයා සමග ගමන් ගත්  කණ්ඩායමේ සාමාජිකයන් සමග සබඳතා ඇතිකර ගැනීමට හැකිව තිබුණද සිද්ධිය වූ කලාපයේ සංකීර්ණ බව එම සබඳතා ඇතිකර ගැනීමට ද බාධාවක් වූ බව හෙතෙම කියා සිටී.

ඉරාන රතු චන්ද්‍රවංක සමාජයේ ප්‍රධානියා පැවසුවේ  හදිසි ක්‍රියාකාරී කණ්ඩායමේ සමාජිකයන් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි.ඩ්‍රෝන යානාද  එම මෙහෙයුම් සඳහා යොදා ගැනේ.

මේ අතර ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සෙවීම සඳහා ක්‍රියාකරන ලෙසට ඉරාන සන්නද්ධ හමුදාවන්හී මාණ්ඩලික ප්‍රධානියා විසින් හමුදාවට නියෝග කර තිබේ.ඉරාන ජනතාවද ආගමික ස්ථානවලට රැස්ව ජනාධිපතිවරයා  වෙනුවෙන් යාඥා කරමින් සිටින බවද ඉරාන වාර්තා පවසයි.ජනාධිපතිවරයා සමග ඉරාන විදේශ ඇමතිවරයා මෙන්ම එර‍ට පලාත් ආණ්ඩුකාරවරයෙක් ද ගමන් කර ඇති බව සඳහන් වෙයි.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම