චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමේ අපේක්ෂාවක
2024-05-20 17:09:05
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා අද (20) තම කතාවේදී මුරණ්ඩු ලෙස “තායිවානයේ ස්වාධීනත්වය” යන ස්ථාවරයට අනුගත වූ අතර, බෙදුම්වාදයේ වැරදි ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කරමින්, තයිවාන සමුද්‍ර සන්ධි දෙපස ප්‍රතිවිරෝධතා සහ ගැටුම් උසිගන්වා ඇත.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන ප්‍රදේශයේ කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවල අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබේ.

තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා “ස්වාධීන” ප්‍රකෝප කිරීම් අපේක්ෂාවෙන් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය අඩපණ කරන භයානක සංඥා නිකුත් කර ඇතැයි Chen Binhua මහතා පැවසීය. චීන මහ ගොඩබිම සහ තායිවානය එකම චීනයට අයත් බවත්, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් ඔහු පෙන්වා දුන්නේය. “තායිවානයේ ස්වාධීනත්වය” බෙදුම්වාදී ක්‍රියාකාරකම් චීනය කිසිවිටකත් නොඉවසයි. චීන ජනතාව එකම චීනය යන මූලධර්මය සහ “1992 වසරේ සම්මුතිය” නොසැලී පිළිපදින බවත්, මාතෘභූමිය යලි එකමුතු කිරීමේ අරමුණ නොසැලී ප්‍රවර්ධනය කරන බවත් ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම