ඇමරිකාවේ ටොන්ටෝ ජාතික වනෝද්‍යානයේ ලැව් ගින්නක්
2024-05-20 10:44:16
Share with:

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටොන්ටෝ ජාතික වනෝද්‍යානයේ පසුගිය 18 වැනිදා උදෑසන ලැව් ගින්නක් හට ගත් බව ඇසෝසියේටඩ් පුවත්පත වාර්තා කරයි. එම ලැව් ගින්නෙන් 19 වැනිදා වන විට වර්ග කිලෝමීටර් 20 ක පමණ භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇත. එමෙන්ම ගින්න තවමත් පාලනය කර නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.

එම වාර්තාවට අනුව, ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් ඇරිසෝනා ප්‍රාන්තයේ ස්කොට්ස්ඩේල් නගරයේ ඊසාන දෙසින් පිහිටි ටොන්ටෝ ජාතික වනෝද්‍යානයේ කොටසක් ඇමරිකාවේ වන සංරක්ෂණ සේවය විසින් වසා දමා ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම