තෙත් බිම් උද්‍යාන සංවර්ධන කටයුතු අඛණ්ඩව
2024-05-19 18:28:58
Share with:

ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹේ. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් තෙත් බිම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් එය ක්‍රියාත්මක යි. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 180 කි.

පරිසර සමතුලිතතාව සුරැකීම, කාර්යබහුල නගරයක මහජනතාවගේ මානසික සුවතාව පවත්වාගෙන යාම, ගංවතුරක දී ජලය රඳවා තබාගැනීම ආදී වටිනාකම් හඳුනාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ වන විට දියසරු, බැද්දගාන හා කෝට්ටේ කොටු බැම්ම යන නාගරික තෙත් බිම් සංවර්ධනය කර මහජනයා වෙත විවෘතව පවතී.

1991 වසරේදී රැම්සා සමුළුවෙහි සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තෙත් බිම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළේ පරිසර සංරක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රයට ද වැඩි අවධානයක් යොමු කරමිනි. ඒ අනුව ලෝකයේ පළමුවන තෙත් බිම් අගනගරය ලෙස කොළඹ දිස්ත්‍රික්කය හඳුනා ගැනිණ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම